නුඹලා ආදම්ට බිම වැතිර සුජූද් කරනුයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) බිම වැතිර සුජූද් කළෝය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරුය. (අල්ලාහ්) වෙනුවට ගැනීම අපරාධකරුවන්ට නපුරු විය.


الصفحة التالية
Icon