ترجمة سورة القصص

الترجمة السنهالية

ترجمة معاني سورة القصص باللغة السنهالية من كتاب الترجمة السنهالية.
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

තා, සීන්, මීම්
එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් වේ.
විශ්වාස කරන ජනයාට මූසාගේ හා ෆිර්අවුන්ගේ පුවත සැබෑ ලෙසින් අපි ඔබ වෙත කියවා පෙන්වමු.
නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම් වලට බෙදා ඔවුන් අතුරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවීය. නියත වශයෙන්ම ඔහු කලහකාරීන් අතුරින් කෙනෙකු විය.
මහපොළොවේ දුර්වලයින් බවට පත් කරනු ලැබූවන් හට උපකාර කිරීමටත් ඔවුන් නායකයින් බවට පත් කිරීමටත් ඔවුන් උරුමක්කරුවන් බවට පත් කිරීමටත් අපි අදහස් කළෙමු.
තවද ඔවුනට අපි මහපොළොවේ පහසුකම් සලසා දීමටත් ෆිර්අවුන් හා හාමාන්ට ද ඔවුන් දෙදෙනාගේ සේනාවන්ට ද ඔවුන් අතුරින් කවර දෙයක් පිළිබඳ ඔවුන් ප්‍රවේශමෙන් කටයුතු කළේ ද එය ඔවුනට අප පෙන්වීමටත් අපි අදහස් කළෙමු.
ඔහුට කිරි දෙන මෙන් ද ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමන් මෙන් ද තවද ඔබ බිය නොවනු තවද ඔබ දුක් නොවනු යැයි ද නියත වශයෙන්ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු එමෙන්ම අපි ඔහු ධර්ම දූතයින් අතුරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු යැයි ද අපි මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු.
(මූසාගේ මව ඔහුව ගඟට දැමුවාය. ඉන්පසු) ෆිර්අවුන්ගේ නිවැසියන් ඔහු අහුලා ගත්තේය. එය ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිසය. නියත වශයෙන්ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නෝ වූහ.
මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නොදමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැක. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවාය. තවද (සැබෑ යථාර්ථය) ඔවුනට නොවැටහුණි.
මූසාගේ මවගේ හදවත හිස් විය. ඇය දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නියන් අතුරින් කෙනකු වනු පිණිස ඇයගේ හදවත අපි ශක්තිමත් නොකළෙමු නම් ඇය ඔහු ගැන හෙළි කරන්නට තිබුණි.
ඔහු පසුපසින් යනු යැයි ඇය ඔහුගේ සහෝදරියට පැවසුවාය. එවිට ඔවුන් නොදැනුවත් ව සිටිය දී (ඔවුන්) අසලින්ම සිට ඔහු දෙස ඇය විපරම් කළාය.
අපි (මවට භාරදීමට) පෙර කිරි දෙන මව්වරුන් ඔහු වෙත තහනම් කළෙමු. එවිට ඔහු භාරගන්නා නිවැසියන් පිළිබඳ ව මම නුඹලාට දන්වන්නෙම් ද? ඔවුහු ඔහුට උපදෙස් දෙන්නෝ වෙති යැයි ඇය (සහෝදරිය) පැවසුවාය.
පසු ව ඔහුගේ මව වෙත ඇයගේ ඇස් පිනවනු පිණිස ද ඇය දුක් නොවනු පිණිස ද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි යැයි ඇය දැන ගනු පිණිස ද අපි ඔහු (මූසා ව ඇයට) නැවත භාර දුනිමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
එහි වැසියන් නොසැලකිල්ලෙන් සිටි මොහොතක ඔහු නගරයට පිවිසීය. තම පාර්ශවයෙන් වූ කෙනෙකු හා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු ගහ මරා ගත්හ. එවිට තම පාර්ශවයේ පුද්ගලයා තම සතුරන්ගෙන් කෙනෙකු වූ අයට එරෙහි ව ඔහුගෙන් උදව් පැතීය. එවිට ඔහු(මූසා) ඔහුට පහරක් ගැසීය. එවිට ඔහු වෙත (මරණය) තීන්දු විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන්ම ඔහු නොමග යවන පැහැදිලි සතුරකි’ යැයි ඔහු පැවසීය.
මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මම මටම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව ! යැයි ඔහු ප්‍රාර්ථනා කළේය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහුමය මහා කරුණාන්විත අතික්ෂමාශීලී.
මාගේ පරමාධිපතියාණනි, ඔබ මට ආශිර්වාද කළ දෑ හේතුවෙන් මම කිසිවිටෙක වැරදිකරන්නන් හට උර දෙන්නෙකු නොවෙමි යැයි ඔහු පැවසීය.
එවිට ඔහු බියට පත් ව නගරය තුළ නිරීක්ෂාවෙන් ගමන් කරන්නෙකු බවට පත් විය. පෙර දින ඔහුගෙන් උදව් පැතූ අයම නැවතත් ඔහුගෙන් උදව් පැතීය. එවිට නියත වශයෙන්ම ඔබ පැහැදිලි අපරාධකාරයකි යැයි මූසා ඔහුට පැවසීය.
ඔවුන් දෙදෙනාටම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි අහෝ! මූසා, පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස නොසිතන්නෙහිය. එමෙන්ම විධිමත් ව කටයුතු කරන්නන් අතුරින් ඔබ වන්නට ඔබ නොසිතන්නෙහිය යැයි ඔහු පැවසීය.
නගරයේ ඈත කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් අහෝ ! මූසා නියත වශයෙන්ම ප්‍රධානීහු ඔබ මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරති. එහෙයින් ඔබ බැහැර ව යනු. නියත වශයෙන්ම මම ඔබට උපදෙස් දෙන්නන් අතුරින් කෙනෙකු වීමි යැයි ඔහු පැවසීය.
එවිට ඔහු බියට පත් ව නිරීක්ෂාකාරී ව ඉන් බැහැර වී ‘මාගේ පරමාධිපතියාණනි, අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු’ යැයි ඔහු පැවසීය.
තවද ඔහු මද්යන් දෙසට මුහුණලා ගිය කල්හි, මාගේ පරමාධිපති මට නිවැරදි මග පෙන්වන්නට පුළුවණැයි ඔහු පැවසීය.
මද්යන්හි ජලාශය අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතුරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැයි ඔහු විමසීය. මෙම එඬේරුන් පිට ව යන තෙක් අපට ජලය සැපයිය නොහැක. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසූහ.
එවිට ඔවුන් දෙදෙනාහට ඔහු(මූසා) ජලය සපයා පසු ව හෙවණ වෙත හැරී ගොස් ‘මාගේ පරමාධිපතියාණනි, ඔබ මා වෙත පහළ කළ යහපත කෙරෙහි මම අවශ්‍යතා ඇත්තෙකු වෙමි’ යැයි ඔහු පැවසීය.
ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ නියත වශයෙන්ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කළේ යැයි පැවසුවාය. එවිට ඔහු(මූසා) ඔහු(අය්යූබ්) වෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසීය. ඔබ බිය නොවනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසීය.
මාගේ පියාණනි, ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවාය.
වසර අටක් මට ඔබ කුලී සේවයේ නිරත වීමේ පදනම යටතේ මේ මාගේ දූවරුන් දෙදෙනාගෙන් එකියක ඔබට විවාහ කර දීමට නියත වශයෙන්ම මම අදහස් කරමි. එසේ ඔබ වසර දහයක් සම්පූර්ණ කළෙහි නම් එය (විය යුත්තේ) ඔබේ කැමැත්ත අනුවය. මම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට ප්‍රිය නොකරමි. අල්ලාහ් අභිමත කළේ නම් දැහැමියන් අතුරින් කෙනෙකු ලෙසින් ඔබ මා දකිනු ඇතැයි ඔහු(පියා) පැවසීය.
එය මා අතර හා ඔබ අතර වූවකි. කාලයන් දෙකින් කවර(කාලය)ක් මා ඉටු කළ ද එවිට මා වෙත කිසිදු සතුරුකමක් නැත. තවද අල්ලාහ් අප පවසන දෑ වෙත භාරකරුය යැයි ඔහු(අය්යූබ්) පැවසීය.
මූසා කාලවකවානුව අවසන් කොට තම පවුල සමග ගමන් ගත් කල්හි තූර් කඳු අසල දුරකින් ගින්නක් දුටුවේය. ‘නුඹලා මෙහි රැඳී සිටිනු. නියත වශයෙන්ම මම ගින්නක් දුටිමි. ඉන් යම් තොරතුරක් හෝ නුඹලා උණුසුම ලබනු පිණිස ගිනි පෙනෙල්ලක් හෝ නුඹලා වෙත ගෙන එන්නට මට හැකි වනු ඇත යැයි පැවසීය.
එවිට ඒ වෙත ඔහු පැමිණි කල්හි ආශිර්වාද කරනු ලැබූ භූමි භාගයේ දකුණු මිටියාවත අද්දර වූ ගසින් ‘අහෝ! මූසා, සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් මම වෙමි යැයි අමතනු ලැබීය.
තවද ඔබ ඔබේ සැරයටිය හෙළනු. එය සර්පයකු මෙන් දඟලනු ඔහු දුටු කල්හි පසුපස හැරී ගියේය. තවද ඔහු (නැවත) හැරී නොබැලුවේය. අහෝ! මූසා, ඔබ ඉදිරියට එනු. තවද ඔබ බිය නොවනු. නියත වශයෙන්ම ඔබ ආරක්ෂා කරනු ලැබූවන් අතුරිනි. (යැයි පවසනු ලැබීය.)
ඔබේ අත ඔබේ සාක්කුව තුළට දමනු. එය කිසිදු හානියකින් තොර ව සුදුවන් ලෙසින් (බැබළෙමින්) හෙළිවනු ඇත. බිය දැනුණු විට ඔබේ ඇළපත ඔබ වෙතට ළං කර ගනු. ඒ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබේ පරමාධිපති වෙතින් වූ සාධක දෙකකි. නියත වශයෙන්ම ඔවුහු පාපතර පිරිසක් වූහ.
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් අතුරින් කෙනෙකු ව මම මරා දැමුවෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය.
තවද මාගේ සහෝදර හාරූන් වන ඔහු මට වඩා කතාවෙන් චතුරය. එහෙයින් මා තහවුරු කරන උදව්කරුවකු වශයෙන් ඔබ ඔහු මා සමග එවනු. ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි (යැයි මූසා පැවසීය.)
(එයට අල්ලාහ්) ඔබේ උර ඔබේ සහෝදරයා මගින් අපි ශක්තිමත් කරන්නෙමු. තවද ඔබ දෙදෙනාට බලයක් ඇති කරන්නෙමු. එහෙයින් ඔවුහු ඔබ දෙදෙනා වෙත සමීප නොවනු ඇත. අපගේ සංඥා මගින් ඔබ දෙදෙනා හා ඔබ දෙදෙනා අනුගමනය කළවුන් (ජය ලබා) අබිබවා යන්නෝ වෙති.
මූසා අපගේ පැහැදිලි සංඥා සමග ඔවුන් වෙත පැමිණි කල්හි ‘මෙය නිර්මාණය කරනු ලැබූ හූනියමක් මිස නැතැයි ද අපගේ මුල් මුතුන්මිත්තන් තුළ අපි මේ ගැන අසා නැත්තෙමු’ යැයි ද ඔවුහු පැවසූහ.
තමන් වෙතින් යහමග රැගෙන ආවේ කවුරුන් දැයි ද අවසන් නිවහන කවුරුන් සතු වන්නේ දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නියත වශයෙන්ම අපරාධකරුවන් ජය නොලබනු ඇතැයි මූසා පැවසීය.
අහෝ! ප්‍රධානියනි, මා හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට ඇතැයි මම නොදනිමි. එහෙයින් අහෝ! හාමාන්, මූසාගේ දෙවියා වෙත එබී බැලිය හැකිවනු පිණිස මා වෙනුවෙන් උස් මැඳුරක් තනනු. තවද නියත වශයෙන්ම ඔහු මුසාවාදීන් අතුරින් යැයි මම සිතමි.
ඔහු හා ඔහුගේ සේනාවන් යුක්තියෙන් තොර ව මහපොළොවෙහි අහංකාරකම් පෑවෝය. නියත වශයෙන්ම තමන් අප වෙත නැවත හැරී එනු නොලබන බව ඔවුහු සිතූහ.
එහෙයින් ඔහු හා ඔහුගේ සේනාව අපි හසු කළෙමු. අපි ඔවුන් මුහුදට හෙළුවෙමු. එහෙයින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.
තවද අපි ඔවුන් නිරය වෙත ඇරයුම් කරන නායකයින් බවට පත් කළෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උදව් කරනු නොලබති.
මෙලොවෙහි ශාපයක් අපි ඔවුන් පසුපස එවන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු දුරස් කරනු ලබන්නන් අතුරින් වෙති.
තවද මුල් පරම්පරාවන් අප විනාශ කිරීමෙන් පසු ව මිනිසා උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔහුට සාධක වශයෙන් ද මගපෙන්වීමක් හා දයාවක් වශයෙන් ද සැබැවින්ම අපි මූසාට දහම් ග්‍රන්ථය පිරිනැමුවෙමු.
මූසාට නීයෝගය අප තීන්දු කළ අවස්ථාවේ ඔබ බටහිර අසල නොසිටියෙහිය. තවද ඔබ සාක්ෂිකරුවන් අතුරින් ද නොවීය.
එනමුත් අපි පරම්පරාවන් බිහි කළෙමු. එවිට ඔවුන් වෙත ආයු කාලය දීර්ඝ විය. තවද ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන පදිංචිකරුවකු ලෙසින් ඔබ මද්යන් වාසීන් අතර නොවීය. එනමුත් අප දූතයින් එවන්නන් වූයෙමු.
අපි අමතන විට ඔබ තූර් කන්ද අසල නොවූයෙහිය. එනමුත් මෙය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසකට ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස ඔබ අවවාද කරනු වස් ඔබගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි.
ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් විපතක් සිදු වී ‘අපගේ පරමාධිපතියාණනි, අප වෙත දූතයකු එවිය යුතු නොවේ ද? එවිට ඔබගේ වදන් අපි පිළිපදින්නට තිබුණි තවද දෙවියන් විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි ඔවුහු නොපවසනු පිණිසය.
අප වෙතින් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි මූසාට දෙනු ලැබූවාක් මෙන් යමක් දෙනු ලැබිය යුතු නොවේ දැ?යි විමසති. මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ ඔවුහු ප්‍රතික්ෂේප නොකළෝ ද? ඔවුන් එකිනෙකාට සහය දෙන හූනියම් කරුවන් දෙදෙනෙකි යැයි ඔවුහු පැවසූහ. තවද නියත වශයෙන්ම අපි සියල්ල ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පැවසූහ.
නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන දහම් ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ගෙන එනු. මම එය පිළිපදින්නෙමි යැයි නබිවරය ඔබ පවසනු.
ඔබට ඔවුහු පිළිතුරු නොදුන්නේ නම් එවිට දැන ගනු. නියත වශයෙන්ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන්ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගියවුන් කවරෙකු ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
තවද සැබැවින්ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු.
මීට පෙර අපි ඔවුනට දහම් ග්‍රන්ථය පිරිනැමූ අය වනාහි ඔවුහු එය විශ්වාස කරති.
තවද ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි එය විශ්වාස කළෙමු. නියත වශයෙන්ම එය අපගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි. නියත වශයෙන්ම අපි මීට පෙර පවා අවනත වන්නන් ලෙස සිටියෙමු’ යැයි ඔවුහු පැවසූහ.
ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපතින් අයහපත ඔවුන් වළකා ගත් බැවින් ද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුන් වියදම් කළ බැවින් ද ඔවුන්ගේ කුලිය දෙමුරයක් දෙනු ලබන්නන් ඔවුහුමය.
නිෂ්ඵල දෑට ඔවුන් සවන් දුන් විට ඔවුන් එය පිටු දැක ‘අපගේ ක්‍රියාවන් අපටය. නුඹලාගේ ක්‍රියාවන් නුඹලාටය. නුඹලා වෙත ශාන්තිය අත් වේවා! (මිතුරුකම් පෑමට) අඥානයින් අපි නොසොයන්නෙමු.’ යැයි ඔවුහු පැවසූහ.
නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය.
අපි ඔබ සමග යහමග අනුගමනය කරන්නේ නම් අපි අපගේ දේශයෙන් පැහැර ගනු ලබන්නෙමු යැයි ඔවුහු පැවසූහ. අප වෙතින් වූ පෝෂණයක් වශයෙන් සෑම වර්ගයකම පලතුරු ඒ වෙත ගෙන දෙන අභයදායී සුරක්ෂිත (දේශයක්) ලෙස අපි ඔවුනට පත් නොකළෙමු ද? එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
තවද තම සැපවත් ජීවිතයට ගුණමකු වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ එම වාසස්ථාන වල ස්වල්ප දෙනෙකු මිස වාසය කරනු නොලැබීය. තවද අපි උරුමක්කරුවන් වූයෙමු.
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වන දූතයකු එහි මව් නගරයට එවන තෙක් ඔබේ පරමාධිපති එම ගම්මානය විනාශ කරන්නකු නොවීය. තවද අපි එහි වැසියන් අපරාධකරුවන් ව සිටිය දී මිස එම ගම්මානය විනාශ කරන්නන් නොවූයෙමු.
තවද යමකින් නුඹලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්‍රේෂ්ඨය. වඩා ස්ථායීය. නුඹලා වටහා නොගන්නෙහු ද?
අපි යමෙකුට අලංකාර ප්‍රතිඥාවක් දී එය ලබන තැනැත්තා මෙලොව ජීවිතයේ සම්පත් අපි ඔහුට භුක්ති විඳීමට සලස්වා පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඉදිරිපත් කරනු ලබන්නන් අතුරින් වන්නෙකු මෙන් ද?
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැයි විමසයි.
‘අපගේ පරමාධිපතියාණනි, අප නොමග යැවූ මොවූහු අප නොමග ගියාක් මෙන්ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නොවූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි.
නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට ඔවුහු ඔවුන් අමතති. නමුත් ඔවුහු ඔවුනට පිළිතුරු නොදෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන්ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්! (කොතරම් අගනේද!)
එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහුදැ?යි විමසයි.
සිදුවීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී ගොස් තිබේ. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නොගනිති.
නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔහු ජයග්‍රාහකයින් අතුරින් වන්නට පුළුවණ.
තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේය. ඔහු තෝරා ගන්නේය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
තවද නුඹලාගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද ඔබේ පරමාධිපති දන්නේය.
තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතුය. තීන්දුව ද ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නොදෙන්නෙහු ද? යැයි ඔබ විමසනු.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි වාසය කරන රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නොවේ ද? යැයි ඔබ විමසනු.
එහි නුඹලා වාසය කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් සොයනු පිණිසත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු නුඹලාට රාත්‍රිය හා දහවල ඇති කළේය.
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැ?යි ඔහු විමසයි.
සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අපි වෙන් කර නුඹලාගේ සාධක ගෙන එනුයි අපි පවසන්නෙමු. එවිට නියත වශයෙන්ම සත්‍යය අල්ලාහ් සතු යැයි ඔවුන් දැන ගනු ඇත. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යයි.
නියත වශයෙන්ම කාරූන් මූසාගේ ජනයා අතුරින් කෙනෙකු විය. නමුත් ඔහු ඔවුනට එරෙහි ව සීමාව ඉක්මවා කටයුතු කළේය. තවද අපි ඔහුට නිධන් වස්තු පිරිනැමුවෙමු. නියත වශයෙන්ම එහි යතුරු ශක්තිමත් කණ්ඩායමක් විසින් ඉතා අසීරුවෙන් උසුලන්නක් විය. ඔබ උදම් නොවනු යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම අල්ලාහ් උදම් වන්නන් ප්‍රිය නොකරයි.
අල්ලාහ් ඔබ වෙත පිරිනැමූ දෑහි මතු ලොව නිවහන ඔබ සොයනු. තවද මෙලොවෙහි ඔබේ කොටස අමතක නොකරනු. අල්ලාහ් ඔබ වෙත උපකාරශීලී ව කටයුතු කළාක් මෙන් ඔබ ද උපකාරශීලී ව කටයුතු කරනු. තවද මහපොළොවේ කලහකම් කිරීමට නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන් ප්‍රිය නොකරයි.
මෙය මට දෙනු ලැබුවේ මා වෙත තිබෙන දැනුම හේතුකොටගෙනය යැයි (කාරූන්) පැවසීය. ඔහුට පෙර ඔහුට වඩා ශක්තියෙන් බලවත් එමෙන්ම පිරිසෙන් වැඩි පරම්පරාවන් අල්ලාහ් විනාශ කර ඇති බව ඔහු නොදත්තේ ද? අපරාධකරුවන් ඔවුන්ගේ පාපයන් ගැන විමසනු නොලබති.
ඔහුගේ අලංකාරය තුළ ඔහු ඔහුගේ ජනයා වෙත පිටතට පැමිණියේය. මෙලොව ජීවිතය ප්‍රිය කරන්නෝ කාරූන්ට දෙනු ලැබූ දෑ මෙන් අපට ද තිබුණා නම්! නියත වශයෙන්ම ඔහු ඉමහත් භාග්‍යය සම්පන්නයකු යැයි පැවසූහ.
නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම්ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නොලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ.
එවිට අපි ඔහු හා ඔහුගේ නිවස මහපොළොවට ගිල්වූයෙමු. එහෙයින් අල්ලාහ්ගෙන් තොර ව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු උදව් ලබන්නන් අතුරින් ද නොවීය.
අහෝ ! තම ගැත්තන් අතුරින් අල්ලාහ් අභිමත කරන අයට පෝෂණ සම්පත් ඔහු ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ප්‍රමාණ කොට දෙයි. අල්ලාහ් අප වෙත කාරුණික නොවූයේ නම් අප ද ගිලී යන්නට තිබුණි. අහෝ! දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ජය නොලබනු ඇතැයි පෙර දින ඔහුගේ නිලයට ආශා කළවුන් පවසන්නන් බවට පත් වූහ.
ඒ මතු ලොව නිවහන මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්‍රිය නොකරන්නන් හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන් හටය.
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා උතුම් දෑ ඔහුට ඇත. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එසේ නපුරුකම් සිදු කළ අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස ප්‍රතිඵල දෙනු නොලැබේ.
ඔබ වෙත අල් කුර්ආනය නියම කළ ඔහු ඔබ ව (නැවතත් ඔබ) හැරී ආ ස්ථානයටම ගෙන යනු ඇත. යහමග රැගෙන එන්නා කවුරුන් දැයි ද පැහැදිලි මුළාවෙහි සිටින්නා කවුරුන්දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය.
තවද දේව ග්‍රන්ථය ඔබ වෙත පහළ කරනු ලැබේ යැයි ඔබ අපේක්ෂා කරමින් නොසිටියෙහිය. එය ඔබගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් මිස නැත. එහෙයින් ඔබ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට උර දෙන්නකු නොවනු.
අල්ලාහ්ගේ වදන් ඔබ වෙත පහළ කරනු ලැබුවායින් පසු ව ඒවායින් ඔවුන් ඔබ ව නොවැළැක්විය යුතුයි. තවද ඔබ ඔබේ පරමාධිපති වෙත ඇරයුම් කරනු. තවද ඔබ දෙවියන්ට ආදේශ කරන්නන් අතුරින් නොවනු.
තවද ඔබ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහුගේ මුහුණ හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නක්ය. නීතිය ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය.
سورة القصص
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورة (القَصَص) من السُّوَر المكية التي جاءت ببيانِ إعجاز هذا الكتاب، وبيانِ صِدْقِ نبوة مُحمَّد صلى الله عليه وسلم؛ من خلال قَصِّ القِصَص التي علَّمها اللهُ نبيَّه صلى الله عليه وسلم، وذكَرتِ السورةُ قصةَ موسى عليه السلام مع فِرْعون، وخروجَه من (مِصْرَ) إلى (مَدْيَنَ)، والتقاءَه بابنتَيْ شُعَيبٍ عليه السلام، وما تَبِع ذلك من التفاصيل التي كان مقصودُها بيانَ صراعِ الحقِّ والباطل، وأن النُّصرةَ لهذا الدِّين، وكذلك بيَّنت السورةُ تواضع الأنبياء مع الله عز وجل، ورَدَّ الأمرِ والفضل كلِّه لله عز وجل.

ترتيبها المصحفي
28
نوعها
مكية
ألفاظها
1438
ترتيب نزولها
49
العد المدني الأول
88
العد المدني الأخير
88
العد البصري
88
العد الكوفي
88
العد الشامي
88

* قوله تعالى: {إِنَّكَ ‌لَا ‌تَهْدِي ‌مَنْ ‌أَحْبَبْتَ وَلَٰكِنَّ اْللَّهَ يَهْدِي مَن يَشَآءُۚ} [القصص: 56]:

عن أبي هُرَيرةَ رضي الله عنه، قال: «قال رسولُ اللهِ صلى الله عليه وسلم لعَمِّه: «قُلْ: لا إلهَ إلا اللهُ، أشهَدُ لك بها يومَ القيامةِ»، قال: لولا أن تُعيِّرَني قُرَيشٌ، يقولون: إنَّما حمَلَه على ذلك الجَزَعُ؛ لأقرَرْتُ بها عينَك؛ فأنزَلَ اللهُ: {إِنَّكَ ‌لَا ‌تَهْدِي ‌مَنْ ‌أَحْبَبْتَ وَلَٰكِنَّ اْللَّهَ يَهْدِي مَن يَشَآءُۚ} [القصص: 56]». أخرجه مسلم (٢٥).

* سورة (القَصَص):

سُمِّيت سورةُ (القَصَص) بذلك؛ لوقوع لفظ (القَصَص) فيها في قوله تعالى: {فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيْهِ ‌اْلْقَصَصَ} [القصص: 25].

اشتملت سورةُ (القَصَص) على الموضوعات الآتية:

1. طغيان فرعون، ووعد الله تعالى بإنقاذ المضطهدين، وعقوبة المفسدين (١-٦).

2. ميلاد موسى ونجاته من القتل (٧-١٣).

3. قتل القِبْطي خطأً، والخروج إلى (مَدْيَنَ) (١٤-٢١).

4. اللجوء إلى (مَدْيَنَ)، وزواج موسى عليه السلام (٢٢-٢٨).

5. بعثة موسى وهارون عليهما السلام، وتأييدهما (٢٩-٣٥).

6. بَدْء الدعوة، وتكذيب فرعون وجنوده، ونزول العقاب بهما (٣٦-٤٢).

7. إيتاء التوراة لموسى والقرآن لمُحمَّد عليهما السلام (٤٣-٥٠).

8. الإشارة إلى مؤمني أهلِ الكتاب، وتحذير كفار قريش من الرُّكون إلى الدنيا (٥١-٦١).

9. موقف المشركين يوم القيامة ودعوتهم للتوبة /توحيد الله تعالى (٦٢-٧٥).

10. قصة قارون وعاقبة البَغْي والتكبُّر (٧٦-٨٤).

11. بشارة النبيِّ بالعودة إلى مكَّةَ سالمًا (٨٥-٨٨).

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (5 /516).

مقصدُ سورة (القَصَص): هو بيانُ صراع الحقِّ والباطل، ونُصْرة الله لهذا الدِّين، وبيانُ تواضع الأنبياء لله عزَّ وجلَّ، ونتج عن هذا التواضعِ ردُّ الأمر كلِّه لله؛ كما تَجلَّى ذلك في قصة موسى عليه السلام مع المرأتين، ومردُّ ذلك إلى الإيمان بالآخرة، والإيمانِ بنبوَّة مُحمَّد صلى الله عليه وسلم، الثابتةِ بإعجاز القرآن، الذي أخبر بالغيب الذي لم يطَّلِعْ عليه أحد، وإنما هو من عند الله عزَّ وجلَّ، بما علَّمه اللهُ من القِصص الصادقة.

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /338).