ترجمة سورة المعارج

الترجمة السنهالية

ترجمة معاني سورة المعارج باللغة السنهالية من كتاب الترجمة السنهالية.
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.
දේව ප්‍රතික්ෂේපකයින්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
ආරෝහණ ක්‍රියාවලිය හිමි අල්ලාහ්ගෙන් (වළක්වාලන කිසිවකු නොමැත)
එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) ඔහු වෙත ආරෝහණය වෙයි.
එහෙයින් ඔබ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
නියත වශයෙන්ම එය අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
නමුත් අපි එය සමීපයෙන් දකිමු.
එදින අහස උණු වූ තඹ මෙන් වනු ඇත.
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා තම දරුවන්
තම බිරිය තම සහෝදරයා
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්
හා මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු ව ඒවා තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
(එය හිස්කබලේ) චර්මය ගලවා දමන්නකි.
එය (මෙලොවෙහි දේව විශ්වාසය නොතකා) පසුපස හැරී පලා ගොස්
(වස්තුව) රැස් කොට එය තැන්පත් කර (සඟවා) තැබු අයට ආරාධනා කරයි.
නියත වශයෙන්ම මිනිසා කලබලකාරී ලෙසින් මවනු ලැබීය.
ඔහුට අයහපතක් වැලඳුණු විට නොසන්සුන්වන්නකු ලෙස සිටියි.
තවද ඔහුට යහපත වැලඳුණු විට (නොදී) රඳවා ගන්නකු ලෙස සිටියි.
නමුත් සලාතය ඉටු කරන්නන් හැර.
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නන් වෙති.
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිතකොටසක් ඇත
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව සත්‍යය කරති.
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ ව බියෙන් සිටිති.
නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම සුරක්ෂිත භාවයෙන් තොරවු කරුණකි.
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද එවිට ඔවුහුමය උල්ලංඝනය කරන්නෝ.
තවද ඔවුහු වනාහි ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) රකින්නන් වෙති.
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නන් වෙති.
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් මත සුරක්ෂා කරන්නෝ වෙති.
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
ප්‍රතික්ෂේප කළවුන් නුඹ ඉදිරියේ සිට කඩිනම් පැමිණෙනුයේ ඇයි?
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන්
ඔවුන් අතුරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අය ආදේශ කිරීමට. තවද අපි අබිබවා යනු ලබන්නන් නොවෙමු.
ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුහු බැහැර වෙති.
ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.
سورة المعارج
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورة (المعارج) من السُّوَر المكية، نزلت بعد سورة (الحاقة)، وقد أكدت وقوعَ يوم القيامة بأهواله العظيمة، التي يتجلى فيها جلالُ الله وعظمته، وقُدْرتُه الكاملة على الجزاء، وأن مَن استحق النار فسيدخلها، ومَن أكرمه الله بجِنانه فسيفوز بذلك، وخُتمت ببيانِ جزاء مَن آمن، وتهديدٍ شديد للكفار؛ حتى يعُودُوا عن كفرهم.

ترتيبها المصحفي
70
نوعها
مكية
ألفاظها
217
ترتيب نزولها
79
العد المدني الأول
44
العد المدني الأخير
44
العد البصري
44
العد الكوفي
44
العد الشامي
43

* سورة (المعارج):

سُمِّيت سورة (المعارج) بهذا الاسم؛ لوقوع لفظ (المعارج) فيها؛ قال تعالى: {مِّنَ اْللَّهِ ذِي اْلْمَعَارِجِ} [المعارج: 3]، قال ابنُ جريرٍ: «وقوله: {ذِي اْلْمَعَارِجِ} يعني: ذا العُلُوِّ، والدرجاتِ، والفواضلِ، والنِّعمِ». " جامع البيان" للطبري (29 /44).

1. المقدمة (١-٥).

2. مُنكِرو البعث (٦-٢١).

3. المؤمنون بالبعث (٢٢-٣٥).

4. هل يتساوى الجزاءانِ؟ (٣٦-٤١).

5. تهديدٌ شديد (٤٢-٤٤).

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (8 /343).

يقول ابن عاشور عن مقصدها: «تهديدُ الكافرين بعذاب يوم القيامة، وإثباتُ ذلك اليوم، ووصفُ أهواله.
ووصفُ شيء من جلال الله فيه، وتهويلُ دار العذاب - وهي جهنَّمُ -، وذكرُ أسباب استحقاق عذابها.
ومقابلةُ ذلك بأعمال المؤمنين التي أوجبت لهم دارَ الكرامة، وهي أضدادُ صفات الكافرين.
وتثبيتُ النبيِّ صلى الله عليه وسلم، وتسليتُه على ما يَلْقاه من المشركين.
ووصفُ كثيرٍ من خصال المسلمين التي بثها الإسلامُ فيهم، وتحذير المشركين من استئصالهم وتبديلهم بخيرٍ منهم». "التحرير والتنوير" لابن عاشور (29 /153).