ترجمة سورة الحجر

الترجمة السنهالية

ترجمة معاني سورة الحجر باللغة السنهالية من كتاب الترجمة السنهالية.
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
(මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ප්‍රිය කරනු ඇත.
ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.
තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු.
කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.
තවද තමන් වෙත මෙනෙහි කරන දේව ග්‍රන්ථය පහළ කරනු ලැබූ අයලුවනි, නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
නුඹ සත්‍යවාදීන් අතුරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද?
සත්‍යයෙන් යුතු ව මිස අපි මලක්වරුන් පහළ නොකරන්නෙමු. තවද ඔවුහු එවිට අවකාශ දෙනු ලබන්නන් නොවූහ.
නියත වශයෙන්ම අපමය මෙනෙහි කරන දේව ග්‍රන්ථය (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නන් වෙමු.
තවද නුඹට පෙර වූ පැරණි පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) එව්වෙමු.
තවද රසූල්වරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුහු ඔහු ගැන සමච්චල් කරමින් සිටියාහු මිස නැත.
වැරදිකරුවන්ගේ හදවත් තුළට අපි එය කාවද්දනුයේ එලෙසය.
ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති.)
නියත වශයෙන්ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එසේ නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු පවසනු ඇත.
තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු.
නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
තවද අපි මහපොළොව දිගු හැරියෙමු. එහි අපි කඳුහෙල් හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු.
කිසිදු දෙයක් එහි ගබඩාවන් අප වෙත මිස නැත. අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු.
තවද අපි සුළඟ පිරිසිදු (ජලය උසුලන) අයුරින් එව්වෙමු. පසු ව අහසින් ජලය පහළ කළෙමු. පසු ව නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
සැබැවින්ම අපි නුඹලා අතුරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු.
තවද නියත වශයෙන්ම නුඹේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියුම් ඥානය ඇති සර්වඥානීය.
සැබැවින්ම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
මීට පෙර දුමෙන් තොර වූ ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
නියත වශයෙන්ම මම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
පසු ව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (නුඹගේ පරමාධිපති පැවසීය.)
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළහ.
ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.
අහෝ ! ඉබ්ලීස්, නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.
විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කිරීමට මම (සූදානම්) නොවෙමි යැයි ඔහු පැවසුවේය.
එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.
තවද විනිශ්චය දිනය දක්වා නුඹට එරෙහි ව ශාපය ඇත.
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.
එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලැබූ අය අතුරිනි යැයි ඔහු පැවසුවේය.
නියමිත වේලාවේ දිනය දක්වා.
මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කරන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි. යැයි ඔහු කීවේය.
නමුත් ඔවුන් අතුරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.
මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය යැයි ඔහු පැවසුවේය.
නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතුරින් නුඹව පිළිපදින්නන්ට හැර.
තවද නියත වශයෙන්ම නිරය (සීමාව ඉක්මවා ගිය) සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවකටම ඔවුන් අතුරින් වෙන් කරන ලද කොටසක් ඇත.
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා උල්පත් වල වෙති.
නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු.
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු කවිච්චි මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
එහි ඔවුනට කිසිදු වෙහෙසක් ඇති නොවේ. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු.
තවද නුඹ ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු.
ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා පිළිබඳ ව තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය.
නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය.
මහලු විය මා වෙළා ගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය.
අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂාභංග වූවන් අතුරින් නොවනු.
නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ කවුරුන්දැයි ඔහු පැවසුවේය.
අහෝ ! එවනු ලැබූවනි, නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය.
නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු.
නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය ඉතිරිවූවන් අතුරින් යැයි අපි තීන්දු කළෙමු.
එවිට දූතයෝ ලූත්ගේ පරපුර වෙත පැමිණි කල්හි
නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය.
නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණියෙමු යැයි ඔවුහු පැවසුවෝය.
තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණියෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.
එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග විගස යනු. ඔවුන්ගේ පසුපසින් නුඹද පරව යනු. නුඹලා අතුරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
නියත වශයෙන්ම උදෑසන මොවුන්ගේ මුදුන් මුල කපා හරිනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
නගර වැසියෝ සතුටට පත්වෙමින් පැමිණියහ.
නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු පැවසුවේය.
තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.
ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි ඔවුහු පැවසුවෝය.
නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු පැවසුවේය.
නුඹගේ ආයු කාලය නමින් දිවුරමින්, නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ (මනෝ ආශාවන්හි) මත්භවෙහි ව්‍යාකූලත්වයට පත් ව සිටිති.
එවිට ඔවුන් උදා වෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වැස්සවීමු.
නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය.
නියත වශයෙන්ම එහි දේව විශ්වාසවන්තයින් හට සංඥාවක් ඇත.
තවද සැබැවින්ම අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක් විය.
තවද සැබැවින්ම හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් ව බොරු කළෝය.
තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා නොසලකන්නන් වූහ.
තවද ඔවුහු වාසස්ථාන වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් වූහ.
එවිට ඔවුන් අලුයම උදාවෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නේමය. එහෙයින් අලංකාර සමාවකින් නුඹ (ඔවුන් ව) නොසලකා හරිනු.
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී වූ මහා මැවුම්කරු.
තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
ඔවුන් අතුරින් පිරිසකට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේව විශ්වාසවන්තයින් හට නුඹගේ පියාපත් පහත් කරනු.
නියත වශයෙන්ම පැහැදිලි අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන්
ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය.
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.
ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු.)
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.
සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.
ඔවුහු වනාහි ඔවුහු අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.
එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු.
තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ ගැතිකම් කරනු.
سورة الحجر
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (الحِجْرِ) مِن السُّوَر المكية، وقد سعَتْ هذه السورةُ إلى إقامةِ الحُجَّة على الكافرين في سنَّةِ الله في إرسال الرُّسُل، الذين أوضَحوا طريق الحقِّ والهداية ودعَوْا إليه، وبيَّنُوا طريقَ الغَوايةِ وحذَّروا منه، وجاءت هذه السورةُ بأمرٍ للنبيِّ صلى الله عليه وسلم بالاستمرار في طريق الدعوة، والدَّلالة على الله عز وجل؛ فالله ناصرُه وكافيه: {فَاْصْدَعْ بِمَا تُؤْمَرُ} [الحجر: 94].

ترتيبها المصحفي
15
نوعها
مكية
ألفاظها
658
ترتيب نزولها
54
العد المدني الأول
99
العد المدني الأخير
99
العد البصري
99
العد الكوفي
99
العد الشامي
99

سورةُ (الحِجْرِ):

سُمِّيتْ سورةُ (الحِجْرِ) بذلك؛ لذِكْرِ (الحِجْرِ) فيها، ولم يُذكَرْ في أيِّ سورة أخرى.

جاءت موضوعاتُ السورة على النحو الآتي:

1. سُنَّة الله تعالى في إرسال الرسل (١-١٥).

2. إقامة الحُجة على الكافرين (١٦- ٢٥).

3. بيان أصل الغَواية والهِداية (٢٦- ٤٨).

4. مَصارِعُ الغابرين (٤٩-٨٤).

5. الخطاب للرسول الكريم صلى الله عليه وسلم بالمُضيِّ في أمرِ الدعوة (٨٥- ٩٩).

ينظر: "التفسير الموضوعي للقرآن الكريم" لمجموعة من العلماء (4 /93).

مِن مقاصدِ السورة: وصفُ الكتاب بأنه في الذِّروة من الجمعِ للمعاني، الموضِّحةِ للحق من غير اختلافٍ أصلًا، وأقرَبُ ما فيها وأمثَلُه وأشبَهُه بهذا المعنى: قصةُ أصحاب (الحِجْرِ).

وكذا مِن مقاصدها: تثبيتُ الرسول صلى الله عليه وسلم، وانتظارُ ساعة النَّصر، وأن يَصفَحَ عن الذين يؤذونه، ويَكِلَ أمرهم إلى الله، ويشتغِلَ بالمؤمنين، وأن اللهَ كافِيهِ أعداءَه.

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /20) ، "التَّحرير والتنوير" لابن عاشور (14 /7).