ترجمة سورة إبراهيم

الترجمة السنهالية

ترجمة معاني سورة إبراهيم باللغة السنهالية من كتاب الترجمة السنهالية.
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

අලිෆ්, ලාම්, රා (මෙය) දේව ග්‍රන්ථයයි. ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකයට ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් ප්‍රශංසාලාභී සර්ව බලධාරියාගේ මාර්ගය වෙත නුඹ ඔවුන් බැහැර කරනු පිණිස අපි නුඹ වෙත මෙය පහළ කළෙමු.
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් වනාහි ඔහු සතුය. දේව ප්‍රතික්ෂේපකයින්ට දැඩි දඬුවමින් යුත් විනාශය ඇත.
මතු ලොවට වඩා මෙලොව ජීවිතයට ප්‍රිය කරමින් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා එහි අඩුපාඩු සොයන ඔවුහු අන්ත මුළාවෙහිය.
තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස අපි නොඑව්වෙමු. ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිසය. එවිට අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යොමු කරයි. තමන් අභිමත කරන අය යහ මග යොමු කරයි. තවද ඔහු සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්තය.
තවද නුඹගේ ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු. තවද අල්ලාහ්ගේ ගෙවී ගිය දිනයන් පිළිබඳ ව ඔවුනට මතක් කර දෙනු යැයි (අණ කරමින්) මූසා ව සැබැවින්ම අපි එව්වෙමු. නියත වශයෙන්ම එහි කෘතවේදී ඉවසිලිවන්ත සෑම කෙනෙකුටම සංඥාවන් ඇත.
නුඹලාගේ පිරිමි දරුවන් කපා කොටා දමා නුඹලාගේ කාන්තාවන්ට ජීවිත දානය දෙමින් සිටි ෆිර්අවුන්ගේ පැළැන්තියෙන් නුඹලා ව මුදවා ගත් අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. තවද මේවායෙහි නුඹලාගේ සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ පරීක්ෂණයක් ඇත.
නුඹලා කෘතවේදී වූයෙහු නම් සැබැවින්ම මම නුඹලාට අධික කර දෙමි. නමුත් නුඹලා ගුණමකු වූයෙහු නම් නියත වශයෙන්ම මාගේ දඬුවම ඉතා දැඩි යැයි නුඹලාගේ පරමාධිපති දන්වා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
නුඹලා සහ මිහිතලයේ සිටින සියලු දෙනා (අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කරන්නෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රශංසාලාභීය. අවශ්‍යතාවන්ගෙන් තොර යැයි දැන ගනු.
නුඹලාට පෙර වූ නූහ් ආද් හා සමූද් ජනයාගේ ද ඔවුනට පසුවූවන්ගේ ද පුවත් නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ගැන අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. නමුත් ඔවුන් ඔවුන්ගේ අත් ඔවුන්ගේ කටවල් වල තබා ‘නුඹලාට කවර දෙයක් එවනු ලැබුවේ ද සැබැවින්ම අපි එය ප්‍රතික්ෂේප කළෙමු. තවද නුඹලා කවර කරුණක් වෙත අප ව ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳ ව අපි දැඩි ලෙස සැකයෙහි පසුවෙමු’ යැයි පැවසූහ.
අහස් හා මහපොළොවේ නිර්මාපකයාණන් වූ අල්ලාහ් සම්බන්ධයෙන් සැකයක් ඇත්තේ ද? නුඹලාට ඔහු සමාව දෙනු පිණිස ද නුඹලා ව නියමිත කාලයක් ප්‍රමාද කර දෙනු පිණිස ද ඔහු නුඹලා ව ඇරයුම් කරයි යනුවෙන් ඔවුන්ගේ රසූල්වරුන් පැවසූහ. නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා අප ව වළක්වන්නෙහු ය. එසේ නම් අප වෙත පැහැදිලි අණ බලයක් ගෙන එනු යැයි ඔවුහු පැවසූහ.
අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත අයට කරන (දේව දූත මෙහෙවර)පිරිනමනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව අප නුඹලා වෙත ගෙන ඒමට කිසිදු අණ බලයක් අපට නොවීය. තවද අල්ලාහ් වෙතම විශ්වාසවන්තයෝ (සියල්ල) භාර කරත්වා !
අල්ලාහ් වෙත භාර නොකර සිටීමට අපට කුමක් වීද? තවද සැබැවින්ම ඔහු අපට අපගේ මාර්ග පෙන්වීය. තවද නුඹලා අප වෙත කරන පීඩාවන් අපි ඉවසා දරා ගන්නෙමු. තවද භාර කරන්නන් අල්ලාහ් වෙතම භාර කරත්වා !
සැබැවින්ම අපි නුඹලා ව අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලා අපගේ පිළිවෙත තුළට නැවත පැමිණිය යුතුය යැයි ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එහෙයින් ඔවුන්ගේ පරමාධිපති සැබැවින්ම අපි අපාරධකරුවන් විනාශ කරන්නෙමු යැයි ඔවුනට දන්වා සිටියේය.
තවද ඔවුන්ගෙන් පසු ව අපි නුඹලා ව එම ප්‍රදේශයේ පදිංචි කරවන්නෙමු. එය මා ඉදිරියේ (විනිශ්චය සඳහා) සිට ගැනීමට බිය වන්නන් හා මාගේ අවවාදයට බිය වන්නන් හටය.
තවද ඔවුහු උදව් පැතූහ. තවද මුරණ්ඩු අහංකාරකම් පෑ සෑම කෙනෙකුම විනාශයට පත් විය.
ඔහු ඉදිරියෙන් නිරය ඇත. සැරව දියෙන් ඔහුට පොවනු ලැබේ.
ඔහු විටින් විට එය ගිලියි. නමුත් එය පිළිගැනීමට අපොහොසත් වෙයි. (එවිට) සෑම තැනකින්ම ඔහු වෙත මරණය පැමිණෙයි. නමුත් ඔහු මිය යන්නෙකු නොවේ. ඔහු පසුපසින් දැඩි දඬුවමක් ඇත.
තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන්ගේ උපමාව ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුතයක් සහිත දිනක දී සුළඟ දැඩි ලෙස හසුකර ගත් අළු බඳුය. ඔවුන් ඉපැයූ දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නොදරති. එය අන්ත මුළාවක්මය.
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැවු බව නුඹ නුදුටුවෙහි ද? ඔහු අභිමත කරන්නේ නම් නුඹලා ව ඉවත් කොට නව මැවීමක් ගෙන එනු ඇත.
තවද එය අල්ලාහ් වෙත බැරෑරුම් (කරුණක්) නොවේ.
සියල්ලන් අල්ලාහ් වෙත හෙළි වෙයි. එවිට දුර්වලයින් උඩඟුකම් පෑ අය දෙස බලා නියත වශයෙන්ම නුඹලාව අපි අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ්ගෙන් වූ දඬුවමින් කිසිවක් හෝ අපගෙන් නැති කිරීමට නුඹලාට හැකි දැයි විමසති. ඔවුහු අල්ලාහ් අපට මග පෙන් වූයේ නම් සැබැවින්ම අප නුඹලාට මග පෙන්වන්නට තිබුණි. අපි වැලපුණ ද ඉවසා දරා ගත්තද අප වෙත එක සමානය. කිසිදු මිදීමක් අප වෙත නොමැත යැයි ඔවුහු පවසති.
නියෝගය තීන්දු කරනු ලැබූ කල්හි නියත වශයෙන්ම අල්ලාහ් සැබෑ ප්‍රතිඥාවකින් නුඹලාට ප්‍රතිඥා දුන්නේය. තවද මමද නුඹලාට ප්‍රතිඥා දුනිමි. නමුත් මම නුඹලාට එය කඩ කළෙමි. නුඹලා ව ඇරයුම් කිරීම මිස වෙනත් කිසිදු බලයක් නුඹලාට එරෙහි ව මා වෙත නොවීය. එබැවින් නුඹලා මට දොස් නොපවරනු. නුඹලා නුඹලාටම දොස් පවරා ගනු. මම නුඹලාගේ ගැලවුම්කරු නොවෙමි. නුඹලා ද මාගේ ගැලවුම්කරුවන් නොවෙති. නියත වශයෙන්ම මීට පෙර නුඹලා මට කළ ආදේශයන් මම ප්‍රතික්ෂේප කළෙමි. නියත වශයෙන්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
විශ්වාස කොට දැහැමි ක්‍රියා කළවුන් ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු ලැබීය. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔවුන් එහි සදාතනිකයින් විය. එහි ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය වේවා යන්න)ය.
යහපත් වදනට අල්ලාහ් උපමාවක් ගෙන හැර දක්වා ඇත්තේ කෙසේදැයි නුඹ නොදුටුවෙහි ද? එය සාරවත් ගසක් මෙනි. එහි මුල ස්ථාවරය. එමෙන්ම එහි අතු අහසෙහි (විහිදී) ඇත.
එය එහි පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම මොහොතකම එහි ආහාර ලබා දෙයි. ඔවුන් මෙනෙහි කර ගත හැකි වනු පිණිස අල්ලාහ් ජනයාට උපමාවන් ගෙන හැර දක්වයි.
තවද නපුරු වදනට උපමාව මහපොළොව මතු පිටින් උදුරා දමන ලද නිසරු ගසක් මෙනි. එයට කිසිදු ස්ථාවරයක් නොමැත.
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි විශ්වාස කළවුන් ව ස්ථාවර ප්‍රකාශයෙන් අල්ලාහ් ස්ථාවර කරයි. තවද අපරාධකරුවන් ව අල්ලාහ් මුළා කරයි. තවද අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරයි.
අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්‍රතික්ෂේපයක් බවට පෙරළා තම ජනයාට විනාශයේ නිවහන අනුමත කර දුන් අය ව නුඹ නුදුටුවෙහි ද?
එය නිරයයි. එහි ඔවුහු පිවිස දැවෙති. එම නිවහන නපුරු විය.
ඔවුහු අල්ලාහ්ට සමානයන් පත් කළෝය. එය ඔහුගේ මාර්ගයෙන් (ජනයා) මුළා කරනු පිණිසය. නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා යොමු කරනු ලබනුයේ (නිරා) ගින්න වෙතය. යැයි (නබිවරය) නුඹ පවසනු.
කිසිදු ගනු දෙනුවක් හෝ කිසිදු මිත්‍රත්වයක් නොමැති දිනයක් පැමිණීමට පෙර සලාතය විධිමත් ව ඉටු කරන මෙන් ද ඔවුනට අපි පෝෂණය කළ දැයින් රහසිගත ව ද එළිපිට ද වියදම් කරන මෙන් ද විශ්වාස කළවුන් වන මාගේ ගැත්තන්හට (නබිවරය) නුඹ පවසනු.
අල්ලාහ් වනාහි ඔහු අහස් හා මහපොළොව මැව්වේය. තවද අහසින් ජලය පහළ කළේය. එමගින් ඔහු නුඹලාට පෝෂණය වශයෙන් බවභෝග පිට කළේය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදේ ගමන් කරනු වස් නුඹලාට නැව් වසඟ කර දුන්නේය. තවද නුඹලාට ගංගාවන් ද වසඟ කර දුන්නේය.
තවද හිරු හා සඳු ගමන් කරන්නක් වශයෙන් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. තවද රාත්‍රිය හා දහවල ද නුඹලාට වසඟ කර දුන්නේය.
නුඹලා ඉල්ලා සිටි සියලු දැයින් ඔහු නුඹලාට පිරිනැමුවේය. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගණන් කළද නුඹලා එය තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම මිනිසා අයුක්ති සහගතය. මහා ගුණමකුය.
මාගේ පරමාධිපතියාණනි, මෙම නගරය අභයදායී ලෙස පත් කරනු මැනව ! තවද මා හා මාගේ පුතණුවන් පිළිම වලට නැමදීමෙන් අපව දුරස් කරනු මනැව !
මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම ඒවා ජනයා අතුරින් බොහෝ දෙනකු මුළා කර ඇත. එහෙයින් කවරෙකු මා අනුගමනය කළේ ද එවිට සැබැවින්ම ඔහු මාගෙන් කෙනෙකි. නමුත් කවරෙකු මට පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔබ අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
අපගේ පරමාධිපතියාණනි, ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ මිටියාවතක මම මාගේ පරපුර පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණනි, එය ඔවුන් සලාතය විධිමත් ව ඉටු කරනු පිණිසය. එහෙයින් ජනයාගෙන් ඔවුන් වෙත නැඹුරුවන්නට ඇතැම් හදවත් (ඇත්තන්) පත් කරනු මැනව ! තවද බවභෝගයන්ගෙන් ඔවුනට පෝෂණය කරනු මැනව ! ඔවුන් කෘතවේදී විය හැකිවනු පිණිස.
අපගේ පරමාධිපතියාණනි, අපි සඟවන දෑ ද අපි දන්වා සිටින දෑ ද ඔබ දන්නෙහිය. මහපොළොවේ හෝ අහසෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ් වෙත සැඟවෙන්නේ නැත.
මහලු වියෙහි මා හට ඉස්මාඊල් හා ඉස්හාක් පිරිනැමූ අල්ලාහ්ට සියලු ප්‍රශංසා. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ප්‍රාර්ථනාවට සවන් දෙන්නාය.
මාගේ පරමාධිපතියාණනි, මා සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව ! තවද මාගේ පරපුරින් ද (සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව!) අපගේ පරමාධිපතියාණනි, මාගේ ප්‍රාර්ථනාව පිළිගනු මැනව !
අපගේ පරමාධිපතියාණනි, විනිශ්චය ක්‍රියාත්මක වන දිනයේ මාහට ද මාගේ දෙමාපියන්ට ද දේව විශ්වාසවන්තයින්ට ද සමාව දෙනු මැනව !
අපරාධකරුවන් කරන දෑ පිළිබඳ ව අනවධානී ව සිටින්නෙකු ලෙසින් නුඹ අල්ලාහ් ව නොසිතනු. ඔහු ඔවුනට ප්‍රමාද කරනුයේ තම බැල්ම ඉවත් කළ නොහැකි ව පවතින දිනයක් වෙනුවෙනි.
ඔවුන්ගේ හිස් ඔසවා ගනිමින් වේගයෙන් දුවන්නන් වෙති. ඔවුන්ගේ බැල්ම ඔවුන් වෙත නැවත හැරී නොඑයි. තවද ඔවුන්ගේ හදවත් හිස් ව පවතී.
ඔවුන් වෙත දඬුවම පැමිණෙන දිනය පිළිබඳ නුඹ ජනයාට අවවාද කරනු. එවිට අපගේ පරමාධිපතියාණනි, නියමිත කාලයකට අප ව ප්‍රමාද කරනු මැනව ! ඔබේ ඇරයුමට අපි පිළිතුරු දෙන්නෙමු. රසූල්වරුන් ව අනුගමනය කරන්නෙමු යැයි අපරාධ කළවුන් පවසති. නුඹලාට කිසිදු විනාශයක් නොවනු ඇතැයි මීට පෙර නුඹලා දිවුරා නොසිටියෙහු ද?
තමන්ටම අපරාධ කළවුන්ගේ වාසස්ථාන වල නුඹලා වාසය කළාහුය. ඔවුනට අප සිදු කළේ කෙසේදැයි නුඹලාට පැහැදිලි විය. තවද අපි නුඹලාට උදාහරණ ගෙන හැර පෑවෙමු. (යැයි ඔවුනට කියනු ලැබේ.)
ඔවුහු ඔවුන්ගේ කුමන්ත්‍රණය සැලසුම් කළෝය. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඉන් කඳු ඉවත් වන තරම් වුව ද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇත්තේ අල්ලාහ් අබියසය.
තම රසූල්වරුන්ට කළ ප්‍රතිඥාව කඩ කරන්නෙකු ලෙස නුඹ අල්ලාහ් ව නොසිතනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. පළිගන්නාය.
එදින මහපොළොව මහපොළොව නොවන්නක් ලෙස ද අහස් ද පෙරළනු ලැබේ. තවද බල පවත්වන්නා වූ එකීය අල්ලාහ් වෙත ඔවුහු බැහැර ව පැමිණෙති.
එදින යදම් වල බැඳ දමනු ලැබූවන් ලෙසින් අපරාධකරුවන් නුඹ දකිනු ඇත.
ඔවුගේ ඇඟලුම් ලෝ දියෙනි. තවද (නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු වෙළා ගනී.
සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල දෙනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය.
මෙය ජනයා වෙත කෙරෙන දැනුම් දීමකි. තවද එමගින් ඔවුන් අවවාද ලබනු පිණිස ද නියත වශයෙන්ම ඔහු ඒකීය දෙවිඳුන් යැයි ඔවුන් දැන ගනු පිණිස ද බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු ලබනු පිණිස ද වේ.
سورة إبراهيم
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (إبراهيمَ) مِن السُّوَر المكية، وجاءت هذه السورةُ الكريمة على ذِكْرِ مسائل الاعتقاد، والتوحيد، وآياتِ الله عز وجل في هذا الكونِ، كما دعَتْ إلى اتباع الدِّين الخالص: {مِلَّةَ ‌إِبْرَٰهِيمَ ‌حَنِيفٗاۖ}، وقد سُمِّيتْ باسمه عليه السلام، ودعت إلى اتباع الطريق الحقِّ التي دعا إليها كلُّ الأنبياء، كما أورَدتْ ذِكْرَ الجنة والنار، وحال كلٍّ من الفريقين؛ ترغيبًا في الاتباع والطاعة، وترهيبًا عن المعصية والمخالفة، واحتوت على ذِكْرِ عظمة الله في هذا الكونِ الفسيح؛ تثبيتًا للنبيِّ صلى الله عليه وسلم، ومَن والاه.

ترتيبها المصحفي
14
نوعها
مكية
ألفاظها
831
ترتيب نزولها
72
العد المدني الأول
54
العد المدني الأخير
54
العد البصري
51
العد الكوفي
52
العد الشامي
55

* قوله تعالى: {يُثَبِّتُ اْللَّهُ اْلَّذِينَ ءَامَنُواْ بِاْلْقَوْلِ اْلثَّابِتِ فِي اْلْحَيَوٰةِ اْلدُّنْيَا وَفِي اْلْأٓخِرَةِۖ} [إبراهيم: 27]:

عن البَراءِ بن عازبٍ رضي الله عنهما، قال: «نزَلتْ في عذابِ القَبْرِ، فيقال له: مَن رَبُّك؟ فيقول: رَبِّي اللهُ، ونَبيِّي محمَّدٌ ﷺ؛ فذلك قولُهُ عز وجل: {يُثَبِّتُ اْللَّهُ اْلَّذِينَ ءَامَنُواْ بِاْلْقَوْلِ اْلثَّابِتِ فِي اْلْحَيَوٰةِ اْلدُّنْيَا وَفِي اْلْأٓخِرَةِۖ} [إبراهيم: 27]». أخرجه مسلم (٢٨٧١).

* سورة (إبراهيمَ):

سُمِّيتْ سورة (إبراهيمَ) بذلك؛ لأنها تحدَّثتْ - بشكل رئيسٍ - عن سيدنا (إبراهيمَ) عليه السلام، وعَلاقةِ ذلك بالتوحيد.

جاءت موضوعاتُ سورة (إبراهيم) على النحوِ الآتي:

1. منزلة القرآن الكريم، وحُجِّيته على الناس جميعًا (١-٤).

2. دعوة الرُّسل في الإخراج من الظُّلمات إلى النور (٥-٨).

3. استفتاح الرسل بالنصر على أعدائهم (للدعاة) (٩-١٨).

4. نعيم أهل الجنة، وعذاب أهل النار (١٩- ٣١).

5. عظمة الله في الكون، ونِعَمُه على خَلْقه (٣٢- ٣٤).

6. نبأ إبراهيم عليه السلام في دعوته (٣٥- ٤١).

7. صُوَر من مشاهدِ يوم القيامة (٤٢-٥٢).

ينظر: "التفسير الموضوعي للقرآن الكريم" لمجموعة من العلماء (4 /1).

مقصودُ سورة (إبراهيمَ) هو التوحيدُ، وبيانُ أن هذا الكتابَ غايةُ البلاغ إلى الله؛ لأنه كافل ببيان الصراط الدالِّ عليه، المؤدي إليه، وأدلُّ ما فيها على هذا المَرامِ: قصةُ (إبراهيم) عليه السلام.

أما أمرُ التوحيد في قصة (إبراهيم) عليه السلام: فواضحٌ في آيات كثيرة من القرآن، والتوحيدُ هو ملَّةُ (إبراهيمَ) عليه السلام، التي حكَم اللهُ تعالى على مَن رَغِب عنها بقوله: {وَمَن ‌يَرْغَبُ ‌عَن مِّلَّةِ إِبْرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥۚ} [البقرة: 130]. وقال الله تعالى في هذه السُّورةِ مبينًا حِرْصَ (إبراهيمَ) عليه السلام على التوحيد: {وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ اْجْعَلْ هَٰذَا اْلْبَلَدَ ءَامِنٗا وَاْجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ اْلْأَصْنَامَ (35) ​رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرٗا مِّنَ اْلنَّاسِۖ فَمَن تَبِعَنِي فَإِنَّهُۥ مِنِّيۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٞ رَّحِيمٞ (36)} [إبراهيم: 35-36].

وأما أمرُ الكتاب: فلأنه من جملةِ دعائه لذريتِه الذين أسكَنهم عند البيت المُحرَّم؛ ذريةِ (إسماعيلَ) عليه السلام: {رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ}[سورة البقرة: 129].

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السُّور" للبقاعي (2 /198).