ترجمة سورة نوح

الترجمة السنهالية

ترجمة معاني سورة نوح باللغة السنهالية من كتاب الترجمة السنهالية.
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

වේදනීය දඬුවම ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අවවාද කරන්නැයි අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින්ම එව්වෙමු.
“අහෝ! මාගේ ජනයිනි, නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අවවාද කරන්නෙක් වෙමි” යැයි ඔහු පැවසුවේය.
“නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු” යැයි ද.
“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලා ව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම්!”
“මාගේ පරමාධිපතියාණනි! රාත්‍රියේ හා දහවලේ නියත වශයෙන්ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසීය.
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස ඔවුනට අධික නොකළේය.”
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන්ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝය. ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු ආවරණය කර ගත්තෝය. පාපකම්හි නිරත වූවෝය. අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
පසු ව නියත වශයෙන්ම මම ඔවුනට විවෘත ව ඇරයුම් කළෙමි.
“පසු ව නියත වශයෙන්ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහිසගත ව ද ඔවුනට රහසින් දැනුම් දුනිමි.”
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය යැයි මම පැවසුවෙමි.”
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරු ව එවනු ඇත.”
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
“අල්ලාහ් සතු ගාම්භීරත්වය නුඹලා අපේක්ෂා නොකිරීමට නුඹලාට කුමක් වීද?”
“තවද සැබැවින්ම ඔහු නුඹලා ව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.”
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේය. තවද හිරු පහනක් බවට පත් කළේය.”
“තවද අල්ලාහ් මහපොළොවෙන් පැළෑටි මෙන් නුඹලා ව හට ගැන්වීය.”
“පසු ව ඒ තුළට ඔහු නුඹලා ව නැවතත් එවන්නේය. තවද නුඹලා ව බැහැර කිරීමකින් බැහැර කරන්නේය.”
තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේය.”
නුඹලා එහි විවෘත මංමාවත් වල ගමන් කිරීම පිණිස.
“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඔවුන් මට පිටුපෑහ. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නොකළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසීය.
“තවද ඔවුහු මහත් ලෙස කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කළෝය.”
“නුඹලාගේ දෙවියන් අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් අත් නොහරිනු යැයි ඔවුහු පැවසූහ.”
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැවූහ. අපරාධකරුවන්ට මුළා ව මිස වෙනත් කිසිවක් ඔබ අධික නොකරනු මැනව!”
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබූහ. පසු ව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නොලැබූහ.
“මාගේ පරමාධිපතියාණනි! දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නොහරිනු මැනව!” යැයි නූහ් පැවසීය.
“නියත වශයෙන්ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන් ව ඔවුහු නොමග යවනු ඇත. තවද ඔවුහු ගුණමකු පාපතරයකු හැර බිහි නොකරනු ඇත.”
“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේව විශ්වාස කරන්නන් හා දේව විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස අධික නොකරනු මැනව!”
سورة نوح
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورة (نوح) من السُّوَر المكية، وقد جاءت على ذكرِ قصة (نوح) مع قومه، وما عاناه في طريق الدعوة إلى الله من عنادهم وتكبُّرهم، مع بيانِ موقف الكافرين ومآلهم، وفي ذلك تسليةٌ للنبي صلى الله عليه وسلم، وتحذيرٌ للكافرين أن يُنزِلَ الله بهم ما أنزله بقوم (نوح) عليه السلام، كما ثبَّتتِ السورةُ كلَّ من هو على طريق الدعوة إلى الله؛ ليكون (نوح) أسوةً له بعد النبي صلى الله عليه وسلم.

ترتيبها المصحفي
71
نوعها
مكية
ألفاظها
227
ترتيب نزولها
71
العد المدني الأول
30
العد المدني الأخير
30
العد البصري
29
العد الكوفي
28
العد الشامي
29

* سورة (نوح):

سُمِّيت سورة (نوح) بهذا الاسم؛ لورود قصةِ نوح عليه السَّلام فيها.

1. نوح عليه السلام يدعو قومه (١-٢٠).

2. موقف الكافرين ومآلهم (٢١-٢٧).

3. الخاتمة (٢٨).

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (8 /367).

يقول ابن عاشور رحمه الله: «أعظمُ مقاصدِ السورة ضربُ المثَلِ للمشركين بقوم نوح، وهم أول المشركين الذين سُلِّط عليهم عقابٌ في الدنيا، وهو أعظم عقابٍ؛ أعني: الطوفان.

وفي ذلك تمثيلٌ لحال النبي صلى الله عليه وسلم مع قومه بحالهم». "التحرير والتنوير" لابن عاشور (29 /186).