ترجمة سورة المزّمّل

الترجمة السنهالية

ترجمة معاني سورة المزّمّل باللغة السنهالية من كتاب الترجمة السنهالية.
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
සුළු කාලයක් හැර රාත්‍රියෙහි නැගිට සිට නැමදුම් කරනු.
එයින් අඩක් හෝ එයින් ස්වල්පයක් හෝ නුඹ අඩු කර ගනු.
නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය තාලයට (පිළිවෙළට) පාරායනය කරමින් පාරායනය කරනු.
නියත වශයෙන්ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු.
නියත වශයෙන්ම රාත්‍රියේ අවදිවීම සිත් දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට වඩාත් උචිතය.
දහවල් කාලයේ නියත වශයෙන්ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත.
තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.
ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන්ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු.
තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.
සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමග නුඹ අත්හැර දමනු. තවද ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.
නියත වශයෙන්ම අප වෙත විලංගු හා නිරය ද
උගුර හිර කරන ආහාර හා වේදනීය දඬුවම ද ඇත.
එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත.
ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින්ම අපි එව්වෙමු.
නමුත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේය. එහෙයින් අපි ඔහු දරුණු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු.
නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?
අහස ඒ හේතුවෙන් පිපිරී යන්නකි. ඔහුගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක් විය.
නියත වශයෙන්ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා !
නියත වශයෙන්ම නුඹ රාත්‍රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමග සිටින අය අතුරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දන්නේය. අල්ලාහ් රාත්‍රිය හා දහවල ප්‍රමාණ කරන්නේය. නුඹලා එය (නිවැරදි ව) ගණන් නොකරන බව ඔහු දන්නේය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්‍යයන් සොයා මහපොළොවේ සැරිසරන තවත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අය සිටින බව ඔහු දන්නේය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්‍රේෂ්ඨය. ප්‍රතිඵලයෙන් වඩාත් ඉමහත්ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
سورة المزمل
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورة (المُزمِّل) سورة مكية، نزلت بعد سورة (القلم)، وقد ابتدأت بملاطفةِ النبي صلى الله عليه وسلم بوصفِه بـ(المُزمِّل)، وتثبيتِه وتهيئته لحَمْلِ هذه الدعوةِ العظيمة؛ بأن يَتجرَّدَ لله، ويُحسِنَ التوكل عليه، لا سيما في قيامه الليل، وكما أرشدت النبيَّ صلى الله عليه وسلم إلى بَدْءِ الدعوة، فإنها جاءت بتهديدِ الكفار ووعيدهم.

ترتيبها المصحفي
73
نوعها
مكية
ألفاظها
200
ترتيب نزولها
3
العد المدني الأول
20
العد المدني الأخير
18
العد البصري
19
العد الكوفي
20
العد الشامي
20

* كان بين نزولِ أول (المُزمِّلِ) وآخرِها سنةٌ:

عن عبدِ اللهِ بن عباسٍ رضي الله عنهما، قال: «لمَّا نزَلتْ أوَّلُ المُزمِّلِ، كانوا يقومون نحوًا مِن قيامِهم في شهرِ رمضانَ، حتى نزَلَ آخِرُها، وكان بَيْنَ أوَّلِها وآخِرِها سنةٌ». أخرجه أبو داود (١٣٠٥).

* (المُزمِّل):

سُمِّيت سورة (المُزمِّل) بهذا الاسم؛ لافتتاحها بوصفِ النبي صلى الله عليه وسلم بـ(المُزمِّل)؛ قال تعالى: {يَٰٓأَيُّهَا اْلْمُزَّمِّلُ} [المزمل: 1].

1. إرشاد النبيِّ صلى الله عليه وسلم في بَدْءِ الدعوة (١-١٠).

2. تهديد الكفار وتوعُّدُهم (١١-١٩).

3. تذكيرٌ وإرشاد بأنواع الهداية (٢٠).

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (8 /430).

مقصدُ السورة ملاطفةُ النبي صلى الله عليه وسلم بوصفه بـ(المُزمِّل)، وتثبيتُه على حَمْلِ رسالة هذا الدِّين؛ بالالتزام بمحاسنِ الأعمال، ولا سيما الصلاة في جوف الليل؛ ليَتجرَّدَ لله، ويُحسِنَ الالتجاء إليه؛ ليُكمِل تبيلغَ هذه الرسالة الثقيلة العظيمة، التي يَخِفُّ حَمْلُها بحُسْنِ التوكل على الله.

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (3 /131)، "التحرير والتنوير" لابن عاشور (29 /255).