ترجمة سورة السجدة

الترجمة السنهالية

ترجمة معاني سورة السجدة باللغة السنهالية من كتاب الترجمة السنهالية.
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

අලිෆ්, ලාම්, මීම්
මෙම ග්‍රන්ථයේ පහළවීම ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගෙනි. එහි කිසිදු සැකයක් නැත.
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිස ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිස ඔබගේ පරමාධිපතිගෙන් පැමිණි සත්‍යයකි.
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නොවේ ද?
අහසින් මහපොළොව වෙත සියලු කරුණු ඔහු සැලසුම් කරයි. පසු ව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය යොමු වෙයි.
ඔහු ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විතය.
ඔහු සියලු දෑ අලංකාර ලෙස තීන්දු කොට එය මැව්වේය. තවද මිනිසාගේ මැවීම පසින් ආරම්භ කළේය.
පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේය.
පසු ව ඔහු එය හැඩ ගන්වා එහි තම ප්‍රාණයෙන් පිම්ඹේය. තවද නුඹලාට ශ්‍රවණය දෘෂ්ටිය හා හදවත් ඇති කළේය. නමුත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.
තවද අපි මහපොළොවේ තුරන් ව ගිය විට නව මැවීමක් තුළ අප සිටින්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝය. එසේය, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත.
එවිට වැරදිකරුවෝ තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි, අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අප ව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන්ම අපි ස්ථීර ව සිටින්නෝ වෙමු යැයි ඔවුන් පවසනු ඔබ දකින්නේ නම් ! (එදින තත්ත්වය නුඹට හෙළිවෙයි.)
තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. නමුත් (අපරාධකාරී) ජින්නුන් හා මිනිසුන් යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත.
එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමු ව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.
අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඩගු නොවෙති.
ඔවුන්ගේ ඇලපත් නිදියහන් වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඇස් පිනවන ලෙසින් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ දෑ කිසිදු ආත්මයක් නොදනී.
කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නොවෙති.
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට ප්‍රතිඵල වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත.
පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ.
තවද (පාපකම් වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මහත් දඬුවමකින් තොර ව පහත් දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසු ව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම අපි වැරදි කරන්නන්ගෙන් පළිගන්නන් වන්නෙමු.
තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳ ව සැකයෙහි නොවනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.
තවද ඔවුන් ඉවසමින් සිට අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි කල්හි ඔවුන් අතුරින් අපගේ නියෝගය පරිදි අපි මග පෙන්වන නායකයින් ඇති කළෙමු.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගෙන සිටියේ ද එහි නියත වශයෙන්ම ඔබේ පරමාධිපති ඔවුන් අතර වෙන් කරයි.
ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අප විනාශ කර තිබීම ඔවුනට මග නොලැබුණේද? ඔවුහු ඔවුන්ගේ වාසස්ථාන අතුරින් ගමන් කරන්නෙහුය. නියත වශයෙන්ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නොදෙන්නෙහු ද?
නියත වශයෙන්ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමගින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග හටගැන්වීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නොබලන්නෙහු ද?
නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදාදැයි ඔවුහු විමසති.
ජයග්‍රහණයේ දින ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති යැයි (නබිවරය) ඔබ කියනු.
එහෙයින් ඔබ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුන් ද අපේක්ෂාවෙන් සිටින්නන් වෙති.
سورة السجدة
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (السَّجْدة) من السُّوَر المكية، وقد جاءت بإنذارِ الكافرين من النار، وتوبيخِهم على اتِّباع الآلهة الزائفة التي لا تغني من الحقِّ شيئًا، ودعَتْهم إلى التواضُعِ واتِّباع دِينِ الله الحقِّ؛ من خلال تَرْكِ التكبُّر، والسجودِ لله، مذكِّرةً لهم بأصلِ خِلْقتهم، وبقوَّةِ الله عز وجل وقُدْرته؛ فهو المستحِقُّ للعبادة، وقد كان صلى الله عليه وسلم يَقرؤُها في صلاةِ فَجْرِ يوم الجمعة.

ترتيبها المصحفي
32
نوعها
مكية
ألفاظها
374
ترتيب نزولها
75
العد المدني الأول
30
العد المدني الأخير
30
العد البصري
29
العد الكوفي
30
العد الشامي
30

* قوله تعالى: {تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ اْلْمَضَاجِعِ} [السجدة: 16]:

عن أنسِ بن مالكٍ رضي الله عنه: «أنَّ هذه الآيةَ: {تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ اْلْمَضَاجِعِ} [السجدة: 16]  نزَلتْ في انتظارِ الصَّلاةِ التي تُدْعى العَتَمةَ». أخرجه الترمذي (٣١٩٦).

و(صلاةُ العَتَمةِ): هي صلاةُ العِشاءِ؛ لِما جاء في الحديثِ عن عبدِ اللهِ بن عُمَرَ رضي الله عنهما، قال: «صلَّى لنا رسولُ اللهِ ﷺ العِشاءَ، وهي التي يَدْعو الناسُ العَتَمةَ ...». أخرجه البخاري (٥٦٤).

* سورة (السَّجْدة):

سُمِّيت بذلك لِما ذكَر اللهُ تعالى فيها من أوصافِ المؤمنين، الذين إذا سَمِعوا آياتِ القرآن {خَرُّواْۤ سُجَّدٗاۤ وَسَبَّحُواْ بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ} [السجدة: 15]. وقال البِقاعيُّ: «واسمُها (السَّجْدة) منطبِقٌ على ذلك بما دعَتْ إليه آيَتُها من الإخباتِ، وتركِ الاستكبار». "مصاعد النظر للإشراف على مقاصد السور" (2 /361).

* سورة ({الٓمٓ ١ تَنزِيلُ})، أو ({الٓمٓ ١ تَنزِيلُ} السَّجْدةَ):

دلَّ على ذلك افتتاحُ السُّورة بذلك، واحتواؤها على سَجْدةٍ، وصحَّ عن عبدِ اللهِ بن عباسٍ رضي الله عنهما: «أنَّ النبيَّ ﷺ كان يَقرأُ في صلاةِ الفَجْرِ يومَ الجُمُعةِ: {الٓمٓ ١ تَنزِيلُ} السَّجْدةَ، و{هَلْ أَتَىٰ عَلَى اْلْإِنسَٰنِ حِينٞ مِّنَ اْلدَّهْرِ}، وأنَّ النبيَّ ﷺ كان يَقرأُ في صلاةِ الجُمُعةِ سورةَ الجُمُعةِ، والمُنافِقِينَ». أخرجه مسلم (٨٧٩).

ولها أسماءٌ أخرى غيرُ ما ذكرنا.

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (6 /47-48).

* كان النبيُّ صلى الله عليه وسلم يَقرؤُها في فَجْرِ يوم الجمعة:

 عن عبدِ اللهِ بن عباسٍ رضي الله عنهما: «أنَّ النبيَّ ﷺ كان يَقرأُ في صلاةِ الفَجْرِ يومَ الجُمُعةِ: {الٓمٓ ١ تَنزِيلُ} السَّجْدةَ، و{هَلْ أَتَىٰ عَلَى اْلْإِنسَٰنِ حِينٞ مِّنَ اْلدَّهْرِ}، وأنَّ النبيَّ ﷺ كان يَقرأُ في صلاةِ الجُمُعةِ سورةَ الجُمُعةِ، والمُنافِقِينَ». أخرجه مسلم (٨٧٩).

* كان النبيُّ صلى الله عليه وسلم يَقرؤُها قبل نومِه:

عن جابرِ بن عبدِ اللهِ رضي الله عنهما: «أنَّ النبيَّ ﷺ كان لا يَنامُ حتى يَقرأَ {الٓمٓ ١ تَنزِيلُ}، و{تَبَٰرَكَ اْلَّذِي بِيَدِهِ اْلْمُلْكُ}». أخرجه الترمذي (٣٤٠٤).

اشتمَلتْ سورةُ (السَّجْدة) على الموضوعات الآتية:

1. القرآن حقٌّ مُنزَّل (١-٣).

2. الخَلْقُ: مُدَّته، وأنه حسَنٌ (٤-٩).

3. إثبات البعث (١٠-١١).

4. ذلُّ المجرمين يوم الدِّين (١٢-١٤).

5. علامات الإيمان (١٥- ١٧).

6. الجزاء العادل (١٨-٢٢).

7. الإمامة في الدِّين (٢٣-٢٥).

8. آياتٌ وعِظات (٢٦- ٣٠).

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (6 /51).

مقصدُ السُّورة الأعظم: هو إنذارُ الكفار بهذا الكتاب، وأنه مِن عندِ الله عزَّ وجلَّ؛ فلا يأتيه الباطلُ مِن بينِ يديه ولا مِن خلفِه، وبيانُ بطلانِ آلهتهم وزيفِها، والتذكيرُ بقدرة الله والبعث، وكذا تذكيرُهم بوجوب اتِّباع النبي صلى الله عليه وسلم المرسَل بهذا الكتاب؛ فمِن خلال الاتباع يكون الفوزُ بالجنة، والنجاةُ من النار، ولتحقيقِ ذلك لا بد من الاستجابة لله، والتواضُعِ لأمره، وتركِ الاستكبار والعناد، واسمُ السورة دالٌّ على ذلك.

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /361)، و"التحرير والتنوير" لابن عاشور (21 /204).